මෙහි දැන්වීමක් පළ කිරීම හරිම පහසුවෙන් ඔබටම කරගන්න පුලුවන්.

01.මුලින්ම ඔබ ලියාපදිංචි වෙන්න ඕනේ.

වෙබ් අඩවියේ දකුණු පස ඉහළින් Post Ad යනුවෙන් තිබෙන බොත්තම ඔබන්න.
ඉන් පසුව එන පිටුවේ මැදට යනවිට Register යනුවෙන් ෆෝර්ම් එකක් ඔබට දිස්වේවි.

එහි ඔබ කැමති නමක් සඳහන් කොට ඔබේ ඊමේල් ලිපිනය සඳහන් කොට කැමති පාස් වර්ඩ් එකක් ලබා දෙන්න.

(පාස් වර්ඩ් එක දෙවතාවක් ටයිප් කළ යුතුයි.එකම පාස් වර්ඩ් එක එවිට සටහන් කිරීමට වග බලාගන්න.)

ඉන් පසුව එන ජේදයට ඉදිරියෙන් ඇති කුඩා කොටුවට ටික් එකක් දමා Register යනුවෙන් පෙන්වන බොත්තම ඔබන්න.

සුභ පැතුම්..! දැන් ඔබ ලියාපදිංචි වී අවසන්.දැන් ඔබට ඕනා තරම් ප්‍රමාණයක් දැන්වීම් පළ කරන්න පුලුවන්.

 

02.දැන් ඇඩ් එකක් දාන්නේ මෙහෙමයි

දැන් ඔබට ඔබේ ගිණුම My Account යනුවෙන් පෙන්වාවි.

ඔබ පසුව ලොග් වෙන විට ඔබේ නම/ඊමේල් ලිපිනය සහ පාස් වර්ඩ් එක ඇතුළත් කොට ලොග් වෙන්න පුලුවන්.

දැන් ඇඩ් එකක් දාන්නේ මෙහෙමයි..ඉහළ දකුණු පස ඇති Post Ad / පෝස්ට් ඇඩ් බොත්තම ඔබන්න.

එවිට එන ෆෝම් එක පුරවා ඇඩ් එක පල කරන්න.

ඔබට අවශ්‍ය Category එක තෝරා ,Title /මාතෘකාවක් ලබා දී විස්තර (Description)  සඳහන් කරන්න.උපරිම ෆොටෝස් පහක් Upload කරන්න පුලුවන්.උපරිම Data ප්‍රමාණය 10 MB ක්.

ඉන් පසුව Location තෝරා දුරකථන අංකය ලබා දී වට්සැප් හෝ ටෙලිග්‍රෑම් ඉන්නවානම් ඊට ඉදිරියේ ඇති කුඩා කොටු දෙකත් ටික් කොට,ඊටත් පහලින් ඇති කුඩා කොටුවත් ටික් කොට Submit කරන්න.